දෙවොලක් පවත්වාගෙන යමින් සිටි ඇය සතුව අයිස් මත්ද්‍රව්‍ය

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2024.05.20 වන දින උදෑසන වැලිකඩ පොලිස් වසමේ අරුණෝදය මාවත ප්‍රදේශයේ වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් ‍170 මිලිග්‍රෑම් 730 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

අත්අඩංගුව‌ට ගත් සැකකාරිය දේවාලයක් පවත්වාගෙන යමින් සිටින වයස අවුරුදු 36 ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත්කරමින් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.