පහරදී ඝාතනය කළ කතකගේ ස්වාමිපුර්ෂයා පොලිසියට

ලුණුගල පොලිස් වසමේ ජනතාපුර ප්‍රදේශයේදී කාන්තාවක් පහරදී ඝාතනය කළ එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයා වන වයස අවුරුදු 45 ක් වූ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් වයස අවුරුදු 36 ක් වන සැකකරුවෙකු ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2024.05.20 වන දින සවස ලුණුගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

2024.05.19 වන දින මෙම අපරාධය ලුණුගල පොලිස් ස්ථානය වෙත වාර්තා විය.