ගිනි අවියකින් බිය වද්දා රන් මාලය කොල්ලකා පලාගිය සැකකරුන් සිව් දෙනෙකු හසුවේ

ඉමදූව පොලිස් වසමේ කනක්කේ කඩවීදියේ පිහිටි හෝටලයකට කාර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් එහි සිටි පුද්ගලයින්ට ගිනි අවි පෙන්වා බියගන්වා හෝටලයේ හිමිකරුගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කල මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 2024.05.20 වන ඊයේ දින දින මාතර හා අකුරැස්ස ප්‍රදේශවලදී සැකකරුවන් සිව් දෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබක්, සජීව පතරොම් 03 ක් සමග අත්අඩංගුවට ගෙන ඉමදූව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අපරාධය සඳහා යොදාගත් කාර් රථය සහ කොල්ලකන ලද රන්මාලය සොයාගැනීමටද නිලධාරීන් සමත් වී ඇති අතර මෙම සැකකරුවන් ගාල්ල, වත්තල, කඳාන, ඇඹිලිපිටිය, මිද්දෙණිය, රත්නපුර යන ප්‍රදේශයන්හි ගිනි අවි පෙන්වා වෙළෙඳසැල්, බැංකු, මූල්‍ය ආයතන හා ස්වර්ණාභරණ ආයතන කොල්ලකෑම් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් බවට අනාවරණය කර ගෙන‍ ඇත.

සැකකරුවන් වයස අවුරුදු 45, 47, 49 හා 61 යන වයස්වල පසුවන වක්වැව, ඇඹිලිපිටිය සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඉමදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.