හොරණ පොලිස් වසමේ සිදුවූ ඝාතන තැතක වෙඩික්කරු අත්අඩංගුවට

2024.05.05 වන දින හොරණ පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරිමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකල කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වයස අවුරුදු 37 ක් වූ ඇරුව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 2024.05.19 වන දින සවස් කාලයේදී තිරුවානාකැටිය, වඳුරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී ඇති අතර අපරාධයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ද කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.