15 වන රණවිරු දින සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා පොලිසිය අභිමානයෙන් එක්විය

එල්.ටී.ටී ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය යුධ මෙහෙයුම ජයග්‍රහණය කළ 2009 මැයි මස 18, විජයග්‍රහණයේ දිනය සමරමින් 2024.05.19 වන දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ රණවිරු ස්මාරකය අභියස ප්‍රභූවරුන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් 15 වන රණවිරු දින ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වීය.

තිස් වසරකට අධික උතුරු නැගෙනහිර යුධ සමයේදී රණ බිමේදී සහ පොලිස් රාජකාරි ඉටුකිරීමේදී ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්ව ශ්‍රී ලංකා පොලිසියේ නිළධාරීන් 2598 දෙනෙකු දිවි පූජා කළහ. එම සංඛයාව දෙවැනි වන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් දිවි පිදූ නිලධරයන් සංඛ්‍යාවට පමණි. සදාකාලික ආබාධිත තත්වයට පත්වූ පොලිස් නිලධරයන් සංඛ්‍යාව 1575කි.

අද අප එක්සේසත්ව අත්විදින නිදහස, සාමය උදා කිරීම උදෙසා දිවි කැප කල පොලිස් විරුවන් සහ ත්‍රිවිධ හමුදා විරුවන් සදා නිරතුරු අනුස්මරණය කර ගෞරව දක්වමු!