පුත්තලම පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හමුව

පුත්තලම කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් 2024.05.18 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණිතලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පුත්තලම නගර සභා උත්සව ශාලාවේදී පැවැත්වුණි.

පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් කමිටු 226 ක ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 1200 ක පමණ පිරිසක් මෙම හමුව සඳහා සහභාගී විය.

පොලිසිය විසින් අපරාධ, මත්ද්‍රව්‍ය සහ විවිධ සමාජ විරෝධී ක්‍රියා මැඩලීම සඳහා යුක්තිය මෙහෙයුම යටතේ සක්‍රියව සිදුකර ගෙන යනු ලබන මෙහෙයුම් සඳහා මහජනතාව නියෝජනය කරමින් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්ගේ සහය නිරන්තරයෙන් අපේක්ෂා කරනු ලබන බව ගරු අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමා විසින් මෙහිදී ප්‍රකාශ කළහ.

හමුව අතරතුර මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් හට වියළි ආහාර සහිත බෑගයන්ද බෙදා දෙමින් සාර්ථකව හමුව නිමාකෙරුනු අතර වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් ගරු අමත්‍යතුමා, ලේකම්තුමා සහ පොලිස්පතිතුමා වෙත මෙම අවස්ථාව සිහිගන්වන සමරු තිලිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, ප්‍රජා පොලිස් සහ පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධරයන්, පොලිස් නිළධරයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.