නඩු කටයුතු අවසන් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව දහන උඳුනක්

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම සඳහා මෙන්ම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවූවන් ඉන් මුදවාගැනීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කල යුක්තිය මෙහෙයුම යටතේ මෑත කාලයේ සිදුකල වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් මගින් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සැකකරුවන් සමඟ ගරු අධිකරණය හමුවේ නඩු කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.

විනාශ කෙ‍රෙන පළමු මත්ද්‍රව්‍ය තොගය ලෙස කොළඹ මහාඅධිකරණය විසින් විභාග කර අවසන් වූ නඩු කටයුත්තකට අදාල හෙරොයින් කිලෝග්‍රෑම් 279 යි ග්‍රෑම් 591 ක් සහ මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් කිලෝ ග්‍රෑම් 45 යි ග්‍රෑම් 654 ක් විනාශ කරනු ලබයි.