විරු දින සැමරුම වෙනුවෙන් පාර්ලිමේන්තු මාර්ගය වැසේ, භාවිතා කල හැකි විකල්ප මාර්ග

එල්.ටී.ටී ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය යුධ මෙහෙයුම ජයග්‍රහණය කළ 2009 මැයි මස 18, විජයග්‍රහණයේ දිනය සමරමින් 2024.05.19 වන දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ප්‍රභූවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහභාගීත්වයෙන් රණවිරු දින ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

එබැවින් එදින සවස 0300 වන විට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල් වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියා කරනු ලබන අතර මාර්ගය වසා තැබෙන කාලය තුල එම මාර්ගය භාවිතා කිරීමට අපේක්ෂිත ඔබ පහත විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන්න.

රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කීරිමට නියමිත රථවාහන

• පොල්දූව හංදියෙන් බත්තරමුල්ල හංදිය දක්වා පැමිණ දකුණට හැරී පාලම් තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැක.

• ඇතුල්කෝට්ට මාර්ගය ඔස්සේ පිටකෝට්ට හංදියෙන් වමට හැරී කිඹුලාවල තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැක.

පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන

• තලවතුගොඩ, පැලවත්ත,පාලම්තුන හංදිය, බත්තරමුල්ල, පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කළ හැක.

• තලවතුගොඩ, කිඹුලාවල, පිටකෝට්ට හංදියෙන් ඇතුල්කොට්ට මාර්ගය ඔස්සේ රාජගිරිය දක්වා ගමන් කළ හැක.

රාජගිරිය දෙස සිට මාලඹේ දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන පොල්දූව හංදිය, බත්තරමුල්ල, කොස්වත්ත,තලාහේන හරහා මාලඹේ දක්වාද,

මාලඹේ සිට රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන තලාහේන, කොස්වත්ත, බත්තරමුල්ල, පොල්දූව හංදිය හරහා රාජගිරිය දක්වාද සාමන්‍ය පරිදි ගමන් කිරිමේ හැකියාව පවතී.

මෙම උත්සවය අවසන් වූ වහාම රථ වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කරනු ඇත.