පාකිස්ථානු ජාතිකයින් නව දෙනෙකුට ගරු මහාධිකරණයෙන් දඩුවම්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා නාවික හමුදා නිලධාරීන් ඒ්කාබද්ධව 2020.01.01 වන දින සිදුකරන ලද වැටලීමකදි නීති විරෝධී මත්ද්‍රව්‍ය බවට සැකකරනු ලැබූ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581 ග්‍රෑම් 34 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614 ග්‍රෑම් 36 ක් සමඟ පාකිස්ථානු ජාතිකයින් නව දෙනෙකු අත්අඩංගුවට ගත්හ.

ද්‍රව්‍ය තොගය 2020.06.23 වන දින රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමුකෙරුනු අතර 2023.09.08 වන දින රස පරීක්ෂක විශ්ලේෂණය වාර්තාව ශුද්ධ වාර්තාවක් ලෙස ලැබෙමින් අදාල ද්‍රව්‍ය තොගය කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ 491 ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක්, මෙත්ඇම්පිටමින් කිලෝ 471 ග්‍රෑම් 955 මිලිග්‍රෑම් 500ක් ලෙස සඳහන් විය.

ඒ අනුව ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලැබීමෙන් පසු කොළඹ මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව නඩු පවරා 2024.05.06 වන දින නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයින් සියළු දෙනා වරද පිළිගත් බැවින් ගරු අධිකරණය විසින් එක් චූදිතයෙකුට වසර 10 බැගින් සිර දඩුවම් නියම කර ඇත.

වරඳකරුවන් හුවමාරුකරගැනීමේ ගිවිසුමක් පරිදි මෙම චූදිතයින් පාකිස්ථානය වෙත නොබෝ කලකින් පිටුවලහල් කිරීමට නියමිතය.