මුදල් ඔට්ටු මත යතුරුපැදි ධාවනය කළ යතුරුපැදිකරුවන්ට ලක්ෂ 5කට ආසන්න දඩයක්

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2024.05.05 වන දින අළුයම් කාලයේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ මුදල් ඔට්ටු මත අන්ත්‍රාදායක ලෙස යතුරුපැදි ධාවනයේ යෙදුනු යතුරුපැදිකරුවන් 15 දෙනෙකු යතුරුපැදි සමග අත්අඩංගුවට ගත් අතර පසුව පොලිස් ඇප මත මුදාහැරුනි.

සැකකරුවන් වයස අවුරුදු 20 ත් 28 ත් අතර වයස්වල පසුවන කොළඹ හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොලිස් භාරයට ගන්නා ලද යතුරුපැදි මෝටර් රථ වාහන පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කර ඒවායේ ඇති විවිධ අඩුපාඩු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර ඇති අතර ඒ සමඟ මෙම සැකකරුවන් 2024.05.13 වන දින කොළඹ අළුත්කඩේ ගරු රථවාහන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුනි.

එහිදී ඔවුනට රුපියල් 427500.00 දඩ මුදලක් ගෙවීම සඳහා ගරු අධිකරණය මගින් නියම කල අතර රියදුරු බලපත්‍ර මාස 06 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

මෙයට පෙර ද අවස්ථා කිහිපයකදී අන්තරාදායක ලෙස යතුරුපැදි පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් සහ යතුරුපැදි අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කල අතර ගරු අධිකරණය මඟින් ඉහත පරිදි විශාල දඩ මුදලක් සහ දඩුවම් නියම කරන ලද බැවින් කරුණාකර ඔබේත් මහජනතාවගේත් වටිනා ජීවිත අවධානමට ලක්වන මෙම නීති විරෝධී ආන්ත්‍රාදායක ක්‍රියාවේ නොයෙදෙන්න.