ජීවිත අවධානම පසෙකලා උපක්‍රමිකව සාර්ථකකරගත් මෙහෙයුම අගයා මුදල් ත්‍යාග

2024.05.05 වන දින සවස් කාලයේ හංවැල්ල පොලිස් වසමේ ජල්තර නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකු පවුල් ආරවුලක් මත තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගනිමින් ජීව අත්බෝම්බයක් පුපුරවා ගැනීමට තැත්කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් එම නිවාස සංකීරණය වෙත ක්ෂණිකව ලඟා වී පැය 06කට ආසන්න කාලයක් උපක්‍රමශීලීව විශේෂ මෙහෙයුමක් දියත්කර දරු දෙදෙනා ආරක්ෂිතව මුදා ගෙන සැකකරුද ආරක්ෂිතව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන ලදී.

සැකකරු අත තිබූ SFG 87 වර්ගයේ ජීව අත්බෝම්බයේ ආරක්ෂිත අඟුල ඉවත්කර ඇති බවද නිරීක්ෂණය කරමින් වුවද තම ජීවිත අවධානමද නොතකා ක්‍රියාකර එම නිලධාරීන් මෙහෙයුම සාර්ථකව සිදුකළ ආකාරය පිළිබඳව සමාජයේ සෑම පාර්ශවයකම පැසසුමට ලක්විය.

ජීවිත අවධානමද නොසලකමින්, තම රාජකාරි වගකීම මනාව තේරුම්ගනිමින්, වහාම ක්‍රියාත්මක වී උපක්‍රමිකව සාර්ථක කරගත් මෙම මෙහෙයුම අගයා එම කණ්ඩායම වෙත සහ එම කණ්ඩාය‍මට අණ දෙන නිලධාරීන් වෙත 2024.05.09 වන දින උදෑසන පැය 1000 ට ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් පරිත්‍යාගයන් සහ පොලිස්පති ප්‍රශංසා පහත පරිදි ලබා දෙන ලදී.

නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.බී.එස්.එන් ගුණරත්න මහතා – පොලිස්පති ප්‍රශංසා
පොලිස් අධිකාරී වී.ජී.ඩී.එස් සමරනායක මහතා – පොලිස්පති ප්‍රශංසා
උප පොලිස් පරීක්ෂක එම්.ඩි.එල් ගුණසේකර – රු 150,000 ක මුදල් ත්‍යාගයක්
පොලිස් සැරයන් 3506 ඩබ්.ජී.එස්.කේ අබේරත්න – රු 100,000 ක මුදල් ත්‍යාගයක්
පොලිස් සැරයන් 39419 අයි.ජි.ඩි.ඩි ජයසේකර – රු. රු100,000 ක මුදල් ත්‍යාගයක්
පොලිස් සැරයන් 6101 ඩබ්.ජි.ඒ වික්‍රමසිංහ – රු 100,000 ක මුදල් ත්‍යාගයක්
පොලිස් කොස්තාපල් 77143 එම්.ජි.සී.පී ප්‍රසන්න – රු 100,000 ක මුදල් ත්‍යාගයක්
පොලිස් කොස්තාපල් 78945 ජී.එම්.පී.එස් ජයවර්ධන – රු 100,000 ක මුදල් ත්‍යාගයක්
පොලිස් කොස්තාපල් 83562 ආර්.එම්.ඊ.එස් රත්නායක – රු 100,000 ක මුදල් ත්‍යාගයක්