පොලිස් මනසට සුවයක්.

පොලිස් නිලධාරීන්ගේ සතිමත් භාවය (මනා සිහිය හා නිසි අවධානය) වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සතිමත් භාවය වර්ධනය කිරීමේ වැඩසටහනක් එහි නිර්මාතෘ අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ සහ තවත් ස්වාමින් වහන්සේලා සිව්නමකගේ වැඩමවීමෙන් හා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සංකල්පයක් මත, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරනයෙන් 2024.05.05 වන දින කළුතර පොලිස් විද්‍යාලයේදී පුහුණුව ලබමින් සිටින ආධුනික පොලිස් නිලධාරීන් හා එම කාර්යය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මූලික කර ගනිමින් මනස සුවපත් වන්නා වූ මෙම වැඩසහන ක්‍රියාත්මක විය.

එහිදී උඩඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ පවසා සිටියේ මෙම වැඩසටහන මඟින් නිලධාරීන්ගේ රාජකාරී නිසි අයුරින් පවත්වාගෙන යාමට සහ මානසික පීඩනය සහ විවිධ ගැටලුකාරී තත්ත්වයන් සඳහා නිවැරදි මනසකින් යුක්තව මුහුණ දීමට හා කටයුතු කිරීමට මෙම වැඩසටහන මහෝපකාරී වන බවය.