සෑම වසරකම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවී පොලිස් මූලස්ථානය නිල වශයෙන් රාජකාරි අරඹන දිනයේදී සාම්ප්‍රධානුකූලව පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී අවුරුදු භෝජන සංග්‍රහයක් පිළියෙල කරනු ලබයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහ පොලිස් මූලස්ථානයේ රාජකාරි නියුතු පොලිස් නිළධරයන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් 2024.04.16 වන දින එම අවුරුදු භෝජන සංග්‍රහය පොලිස් මූලස්ථානය වෙත එක්වූ සියළු පොලිස් නිලධරයන් වෙනුවෙන් පිළියෙල කෙරුනි.
අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාර්ගගත තාක්ෂණික ක්‍රමය මගින් සජීවීව සමස්ථ දිවයිනේ පොලිස් ස්ථාන ආමන්ත්‍රණය කරමින් සියළු පොලිස් නිලධරයන්ට සුභාසිංශන එක්කරමින් ක්‍රමවත් පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාත්මක කල යුතු, පවත්වාගෙන යා යුතු ආරක්ෂක වැඩපිළිවෙල සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.12.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.00.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.07.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.38.47.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.10.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.06-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.00-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.00-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.10-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-16-at-12.39.04.jpeg)