කොළඹ නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මෙරට 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් 2024.04.05 වන දින උදෑසන එම විද්‍යාලීය මලලසේකර රංග ශාලාවේදී අභිමානවත් අයුරින් පවත්වන ලදී.
නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයාගේ සහ එම විද්‍යාලීය ගුරු සිසු පිරිසගේ ගෞරවාන්විත පිළිගැනීම මධ්‍යයේ පොලිස්පතිතුමන් සහ නීතිඥ අනුරාධා විජේවර්ධන මැතිණිය ඒ සඳහා සහභාගී වූ අතර පළමුව පොලිස්පතිතුමන් නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත්කර එම විද්‍යාලයේ විරු සමරුවට උපහාර දැක්වීමට කටයුතු කලේය.
අනතුරුව පැවැති උත්සව අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරය දක්වා පැමිණි දිවි සැරිය ගෞරවයෙන් ආවර්ජනය කෙරුනු අතර පොලිස්පතිතුමන් අදහස් දක්වමින් ඒ සඳහා තම ජීවිතයට පන්නරය ලබාදුන් නාලන්දා විදු මාතාවට ගෞරව පූරවකව ස්තූතිවන්ත වෙමින් සිය ගුරුභවතුන් සෙනෙහබරව සිහිපත් කළේය.
![](http://www.police.lk/wp-content/uploads/2024/04/1.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/4.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/3.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/2.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.59-PM-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.59-PM-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM-5.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.55-PM.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM-8.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/5.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM-9.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/7.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM-6.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.58-PM-3.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/6.png)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.59-PM.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.11.00-PM-4.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.58-PM-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/04/WhatsApp-Image-2024-04-05-at-3.10.55-PM-1.jpeg)