ශ්‍රී ලංකා පොලිසියට සහ මහජනතාවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඉටුකරන සේවය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණින් එම කොට්ඨාසයේ සිදුකරමින් පවතින ප්‍රතිසංවිධාන කටයුතු සඳහා සහයෝගය පළකිරීමක් වශයෙන්, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් තාක්ෂණික මෙවලම් තොගයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත 2024.03.20 වන දින නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරි රොබට් විල්සන් මහතා, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ඇලෙක්සැන්ඩ්‍රා මැකිව් මහත්මිය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන තිලක් රත්නායක මහතා එදින පොලිස් මාධ්‍ය කොට්ඨාසය පිහිටි බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 14වන මහල වෙත පැමිණ මෙම නවීන පරිගණක සහ රූපවාහිනී යන්ත්‍ර ඇතුළු විද්‍යුත් මෙවලම් තොගය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වෙත නිල වශයෙන් භාරදුන් අතර එහිදී මෙම ප්‍රධානය අගයමින් නියෝජ්‍ය පොලිස්පතිතුමන් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සහ පොලිස්පතිතුමන් වෙනුවෙන් ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියට ස්තූතිය පළකර සමරු සිහිවටනයක් ප්‍රධානය කලේය.
මෙම අවස්ථාව සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ.ඩී.බී.සී සේනාධීර මහතා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීනීත ජයසේකර මහතා ඇතුළු එම කොට්ඨාසයේ පොලිස් නිලධරයන් සහභාගී විය.
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.32-1-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.32-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.40-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.30-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.38-1-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.38-3.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.39-1-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.31-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.39-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-25-at-13.05.29-2.jpeg)