නුදුරු කාලයේදී පොලිස් මූලස්ථානය ලෙස භාවිතා කිරීමට නියමිත, දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ස්ථාපිතව තිබූ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටි මහල් 12 කින් සමන්විත ගොඩනැඟිල්ල 2024.03.15 වන දින උදෑසන ශ්‍රි ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාර දීම සිදු කරන ලදී.
භාර දීම සහ භාර ගැනීමට අදාල ලේඛන ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොළ මහතා සහ පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළුම් තිලකරත්න මහතා විසින් අත්සන් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතර හුවමාරු කර ගැනුණි.
ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා , මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ගුවන්හමුදාපතිතුමා,පොලිස්පතිතුමා ප්‍රධානව ගුවන් හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් නිමාවූ මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටීම සහ දෙපාර්ශවය අතර සමරු සිහිවටන ප්‍රධානයන්ද සිදුවිය.
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-8.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-5.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-7.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-6.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-3.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-4.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-15-at-17.54.04-9.jpeg)