2024.03.08 වන දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව “ඇයට ශක්තිය දැයට ප්‍රගතිය” යන තේමාව යටතේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හා කාන්තා පිහිට ආයතනය මගින් සංවිධානය කළ වැඩසටහනක් කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) දින කොළඹ බිෂෝප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා කොළඹ දිසාවේ සියලුම කොට්ඨාසවල ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිණියන්ද දෙමටගොඩ හා කොළොන්නාව ප්‍රදේශ වල කාන්තා බල ගැන්වීමේ සංවිධානයේ සාමාජිකාවන් සහභාගී වූ අතර එහිදී වර්ථමානයේදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග හා එම අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා කාන්තා පිහිට ආයතනයේ සභාපතිනී සාවිත්‍රී විජේසේකර මහත්මිය, නියෝජ්‍ය පොලිස්පති අපරාධ දිසාව හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හා පොලිස් නිලධාරිනියන් රැසක් සහභාගී විය.
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0898-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0021-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0030-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0882-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0938-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0920-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0914-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0905-scaled.jpg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/DSC_0913-scaled.jpg)