2024 ගුවන් හමුදා පාපැදි සවාරියේ දස්කම් දැක්වූ පොලිස් ක්‍රීඩකයින්

ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් 25 වන වතාවට සංවිධානය කල “2024 – ගුවන් හමුදා පාපැදි සවාරිය “ 2024.03.03 දින සිට 2024.03.07 දින දක්වා පැවැත්විය. මෙම පාපැදි සවාරිය කොළඹ සිට යාපනය දක්වා අදියර 05ක් යටතේ 654 Km දුර ප්‍රමාණයකින් සමන්විත වූ  අතර පාපැදි තරඟකරුවන් 200ක් පමණ සහභාගි විය. මෙම පාපැදි තරඟාවලිය සඳහා ශ්‍රිලංකා පොලිසිය නියෝජනය කරමින් තරඟකරුවන් 10 දෙනෙකු සහභාගී විය.

මෙම පාපැදි තරඟාවලියේදී සමස්ථ පාපැදි තරඟාවලියේ 03 වන ස්ථානය හා 2024 යොවුන් (23 පහල) පාපැදි ශූරයා ලෙස මනුෂ් නිහාර හා 03 වන අදියරයේ 03 වන ස්ථානය, අවසන් අදියරයේ ප්‍රථම ස්ථානය හා අවසන් අදියරයේ වේගවත්ම පාපැදිකරු ලෙස චමෝද් සිල්වා යන ක්‍රීඩකයින් ජයග්‍රහන ලබා ගෙන ශ්‍රී ලංකා පොලිසියට කීර්තියක් අත්කර දෙන ලදී. පොලිස් පාපැදි කණ්ඩායමේ සභාපති ලෙස  නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.පී සම්පත් කුමාර ලියනගේ මහතාද, ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතාද, පුහුණුකරු ලෙස උප පොලිස් පරික්ෂක සුනිල් දිසානායක මහතාද, කළමණාකරු ලෙස පොලිස් පරීක්ෂක ප්‍රභාත් විජේසිරි යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.