සෑම වර්ෂයකම මාර්තු 8 වන දින සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙවරත් ශ්‍රී ලංකා පොලිසිය වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. පොලිස් සේවා වනිතා උප ඒකකය සංවිධානය කල ඉන් එක් වැඩසටහනක් 2024.03.06 වන ඊයේ දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ එම ඒකකයේ සභාපතිනිය වන නීතිඥ අනුරාධා විජේවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්ථා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි.
එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩසටහන සඳහා සහභාගී වූ පොලිස් නිලධාරිනියන් 250 ක පමණ පිරිස දිරිගන්වමින් ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා දේශනයක් පවත්වා නිලධාරිනියන්ගේ සුභ සාධක කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීම සිදුකරන ලදී.
වැඩසටහන සඳහා සපැමිණි ආරාධිත දේශකයන්ගේ දේශන ඉන් අනතුරුව ආරම්භ වූ අතර නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍ය දිලිනි අයිලප්පෙරුම මහත්මිය ඇතුළු වෛද්‍ය මණ්ඩලය විසින් පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් දේශනයක්, ප්‍රවීණ පුහුණු උපදේශක මොහොන් පල්ලියගුරු මහතා විසින් ආතති කළමනාකරණය පිළිබඳව දේශනයක් ඇතුළු තවත් දේශන කිහිපයක්ද, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් මෙහෙයවූ රූපලාවණ්‍ය පිළිබඳව දැනුවත් කිරීමක්ද ඒ අතර විය.
මෙම අවස්ථාව සඳහා පොලිස් මූලස්ථාන සේවා වනිතා උප ඒකකයේ සභාපතිනිය වන කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිෂානි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් රැසක් සහභාගී විය.
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.27.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.51.19.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.22.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.22-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.27-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.28.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.27-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.24.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.25.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.24-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.23.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.20.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.20-2.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.20-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.19.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/03/WhatsApp-Image-2024-03-07-at-11.24.22-2.jpeg)