ඇඟිලි සටහන් විද්‍යා විෂය පිළිබඳව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය විසින් පවත්වනු ලැබූ Advance Grade සහ Elementary විභාගය සඳහා පෙනී සිට එම විභාගය සමත් වූ පොලිස් නිළධාරීන් උදෙසා සහතිකපත් ප්‍රදානය කිරීම සහ එම විෂයේ දැනුම භාවිතා කරමින් අපරාධ විසදීම සඳහා දායකත්වය සැපයූ පොලිස් නිලධාරීන් ඇගයීම 2024.02.28 වන ඊයේ දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක මාවත,කොළඹ 07 පිහිටි එම කොට්ඨාසයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
අපරාධයක් සිදුවූ ස්ථානයක සටහන්වන ඇගිලි සලකුණු විශ්ලේෂණය කර සැකකරුවන් අනාවරණය කරගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය සහය ලබාදෙමින් මෑත කාලයේ සිදුවූ අපරාධ සාර්ථක ලෙස විසදීම සදහා දායක වූ පොලිස් නිලධාරීන් තුන්සිය විසි දෙදෙනෙකු සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් අනූහතර ලක්ෂ හාරදහසකට ආසන්න මුදලක් පිරිනැමීම සිදුකෙරුනු අතර ඊයේ දින පොලිස්පතිතුමා විසින් සංකේතාත්මකව නිලධාරීන් දහ නමදෙනෙකු සඳහා එම මුදලින් රුපියල් විසිහතර ලක්ෂ තිස් එක්දහසක මුදලක් පිරිනැමීම සිදුවිය.
මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟින් අපරාධ සහ රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පුහුණු සහ උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර, වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගිණිගේ යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු නිලධරයන් රැසක් සහභාගී විය.
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.16.53.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.16.53-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.16.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.03.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.00-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.12-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.12.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.05.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.05-1.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.11.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.16.57.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.16.55.jpeg)
![](http://www.police.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-28-at-15.17.00.jpeg)