බොරලන්ද නව පොලිස් ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් සුරතින් විවෘත වේ.

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී ඉදිකරන ලද නව ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් 2024.02.24 වන දින විවෘත කරන ලදී.

ගරු අමාත්‍යතුමා පොලිස් ආචාර පෙළපාලියකින් පිළිගත් අතර අනතුරුව එතුමා විසින් මෙම ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සමරු ඵලකය විවෘත කරන ලදී. 2023 පැවැති සමස්ථ ලංකා පොලිස්පති අභියෝගතා කුසලාන ජාතික ශිෂ්‍ය භට කඳවුරේ දක්ෂතා දැක්වූ පොලිස් ශිෂ්‍ය භට බාලක/බාලිකාවන් සඳහා ගරු අමාත්‍යතුමන් විසින් ශූරතා සහ අනුශූරතා කුසලාන පිරිනැමීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.