පොලිස් පරීක්ෂක නිළධරයන්ගේ පළමු ශ්‍රේණියට ඇතුලත්වන දරු දැරියන්ට ත්‍යාග

මෙම වසරේදී පාසල් දිවියට පාතබන ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයින්ගේ දරු දැරියන් උදෙසා පොලිස් පරීක්ෂක නිවස්නයේ අරමුදලින් පාසල් උපකරණ පිරිනැමීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.02.21 වන ඊයේ දින බම්බලපිටිය පොලිස් පරීක්ෂක නිවස්නයේදී පැවැත්වුණි.

මෙහිදී කොළඹ නගරය අවට රාජකාරි යෙදී සිටින පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 25 දෙනෙකුගේ දරුවන් සඳහා පාසල් උපකරණ සහ රුපියල් 5000 ක මුදල් තැන්පතුවක් සහිත ළමා ඉතිරිකිරීමේ ගිණුම් සංකේතාත්මකව ලබාදුන් අතර සෙසු පරීක්ෂක ශ්‍රේණියේ  නිලධරයන්ගේ දරු දැරියන් සඳහා මෙම පිරිනැමීම කොට්ඨාස මට්ටමින් කඩිනමින් සිදුකිරීමට පොලිස්පතිතුමන් උපදෙස් ලබා දෙන ලදී.

පොලිස්පතිතුමන් සමඟින් මෙම අවස්ථාව සඳහා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, පොලිස් සුබ සාධක කොට්ඨාස දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ පද්මිණී. නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, පොලිස් පරීක්ෂක නිවස්නයේ සභාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්සන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.