කළුතර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

කළුතර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන 2024.02.10 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ලේකම්, වියානි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් කළුතර පැනරාමා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙහිදී පොලිස්පතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “සවිය” වැඩසටහන හරහා පුනරුත්ථාපනය වන අයවළුන්ගේ පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙත රෝද පුටු ප්‍රධානය කිරීම මෙන්ම යුක්තිය මෙහෙයුමේ දී සක්‍රීව තම දායකත්ව දැක්වූ පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග මුදල් පිරිනැමීම ද සිදුවිය.

මෙම අවස්ථාවට ආගමික නායකයින් සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.