පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ලේකම්, වියානි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් 2024.12.10 වන දින පානදුර ශ්‍රි සුමංගල පිරිමි විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙහිදී පොලිස්පතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “සවිය” වැඩසටහන හරහා පුනරුත්ථාපනය වන අයවළුන්ගේ පවුල්වල සාමාජිකයින් හට වියළි සලාක ලබාදීම සහ දැයේ දුවා දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන “හෙට දවස” ව්‍යාපෘතියට සමගාමීව පාසල් ළමුන් අතර සාක්කු දින දර්ශන බෙදාදීම සඳහා පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත ලබාදීම සිදුවිය.