පෙර පාසල් දරුවන්ගේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවය

පොලිස් පවුල් සුභසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබූ පෙරපාසැල් දරුවන්ගේ ජාතික නිදහස් දින සැමරුම් උත්සව 2024.02.02 දින පොලිස් පවුල් සුභසාධක සංගමය හා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නීතිඥ අනුරාධා විජයවර්ධන මහහත්මියගේ ප්‍රධානත්වයෙන් පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානය, කිව්පාර හා මරදාන යන පෙරපාසල් පරිශ්‍රයන්හීදී පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා පොලිස් පවුල් සුභසාධක සංගමයේ ලේකම් පී.විජේසුරිය මැතිණිය, භාණ්ඩාගාරික අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඒකනායක මැතිණිය හා එම සංගමයේ කමිටු සාමාජික මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.