පොලිස්පතිතුමන් තුවාල ලැබූ යුද්ධ හමුදා පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

2024.01.30 වන දින ගාලුමුවදොර පිටියේ පැවති 76 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ පැරෂුට් පෙර පුහුණුවීම් අතරතුර හදිසි අනතුරකට ලක්ව තුවාල ලබා යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින යුද්ධ හමුදා නිලධාරීන්ගේ සුවදුක් විමසීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (2024.01.31) දින කටයුතු කළේය.