නීති විරෝධී ගිනි අවි, අත්බෝම්බ සම්බන්ධව ලබාදෙන නිවැරදි ඔත්තුවකට මුදල් ත්‍යාග

යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරමින් පවතින වැටලීම් දාමය මගින් දේශීය හා විදේශීයව නිෂ්පාදනය කල ගිණි අවි, අත්බෝම්බ සැලකිය යුතු ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. එම අත්අඩංගුවට ගැනීම් සඳහා ඇතැම් අවස්ථාවන් වලදී ඔත්තුකරුවන් ලෙස මහජනතාව ලබාදුන් තොරතුරු අතිශය වැදගත් වූ අතර තවදුරටත් සාර්ථක අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම සඳහා පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් දිරිමත්කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

ඒ අනුව තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවයද ආරක්ෂා වන අයුරින් පහත පරිදි මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබයි.

ස්වයංක්‍රීය ගිනි අවි (T56, AK47, M16, SAR 80, T81 වැනි අවි )

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 250,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 250,000/=

අර්ධ ස්වංක්‍රීය අවි (පිස්තෝල අවි, 84S, SLR, Auto Loading Shot Guns, වැනි අවි )

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 250,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 250,000/=

රිවෝල්වර් අවි

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 150,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 100,000/=

රිපීටර් තුවක්කු

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 50,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 25,000/=

පතරොම් තුවක්කු ( විදේශයන්හි නිෂ්පාදිත)

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 15,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 10,000/=

විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බ

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 25,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 15,000/=

දේශීයව නිෂ්පාදිත ගිනි අවි

සැකකරු සමඟ අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 15,000/=
සැකකරු නොමැතිව අවිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුට – 10,000/=