ජීව උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පිළියන්දල පොලිස් වසමේ ගැටඹුවාන ප්‍රදේශයේදී ඊයේ (27) දින වැටලීමක් සිදුකර විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන ජීව පතරොම් 61 බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු 68 ක් වන ගැටඹුවාන, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.