වැඩ බලන පොලිස්පතිතුමන් රිය අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් ජයකොඩි නිලධාරියාට අවසන් ගෞරව දක්වයි

කටුනායක අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර කණුව අසලදී 2024.01.25 වන දින සිදුවූ අනතුරෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියාව සිටි ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි නිලධාරියා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය.

නිලධාරියාගේ දේහය තැන්පත් කර ඇති ගලගෙදර පොලිස් වසමේ අංක 31/2, මරවනාගොඩ පාර, හෑදෙනිය ලිපිනයේ පිහිටි නිවසේදී වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (26) දින නිලධාරියාට අවසන් ගෞරව දක්වන ලදී.

එහිදී මියගිය නිලධාරියාගේ සේවය අගයමින් වැඩ බලන පොලිස්පතිතුමා විසින් වියෝ වූ නිලධාරියාගේ බිරිඳ වෙත රුපියල් ලක්ෂ 15 ක මුදල් චෙක්පතක් පරිත්‍යාග කළ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.