රාජකාරිය අතරතුර දිවි අහිමි වූ පොලිස් කොස්පාල්වරයා පොලිස් සැරයන් නිලයට

කටුනායක අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර කණුව අසලදී 2024.01.25 වන දින සිදුවූ අනතුරෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියාව සිටි ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි නිලධාරියා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය.

පොලිස් රාජකාරිය අතරතුරදී දිවි අහිමිවූ එම පොලිස් කොස්තාපල්වරයා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස් සැරයන් නිලයට උසස් කරණ ලදී.

නිලධාරියාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද (27) දින සවස 03.00 ට ගලගෙදර පොලිස් වසමේ මරවනාගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.