යුක්තියට මාසයයි.

දිවයිනේ ක්‍රියාත්මක වූ විවිද මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා මෙන්ම විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා මර්දනය සඳහා ගරු මහජන අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට අද දිනට මාසයක කාලයක් සපිරේ.

2023.12.17 වන දින සිට සමස්ථ දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම මගින් 2024.01.16 වන ඊයේ දින වන විට හෙරොයින් මත්ද්‍රව්‍ය 72kg 534g ක්, අයිස් මත්ද්‍රව්‍ය 205kg ක්, ගංජා 646kg 164g ක්, ගංජා පැළ 2,305,167 ක්,වෙනත් මත්ද්‍රව්‍ය 253kg 507gක් හා මත්පෙති 98638 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

සිදුකල මුළු වැටලීම් 36,405 ක ප්‍රමාණයෙන් 35027 ක සැකකරුවන් ප්‍රමාණයක් හා සැකකාරියන් 1070 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අතරින් රඳවා තබා ගැනීමේ නියෝග ලබාගත් සැකකරුවන් 1696 ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රිියාත්මක පසුබිමක නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් උපයාගත් සැකකරුවන් 212 කගේ වත්කම් සම්බන්දයෙන් ද නීති විරෝදී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක වන සමාජ සේවා වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 1785 ක් පුනරුත්ථාපනය සඳහා යොමුකරමින්, මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීමෙන් තරුණ හා ළමා ප්‍රජාව වළක්වා ගැනීමට අවශ්‍ය වැඩසටහන් රැසක් ද පැවැත්වීමට අවශ්‍ය කටයුතු දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානයන් විසින් සිදුකරමින් පවතී.