කැලිඩෝ වෙරළ තීරයට ආසන්න කළුගගේ ගිලී තිදෙනෙකු ජීවිතක්ෂයට

කළුතර දකුණ පොලිස් වසමේ හොලික්‍රෝස් විද්‍යාලය ඉදිරිපිට කළු ගගේ දිය නාමින් සිටි ළමුන් තිදෙනෙක් දියේ ගිලී ඇති බවට 2024.01.14 වන ඊයේ දින හවස් කාලයේ ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්, නාවික හමුදාවේද සහය ලබාගෙන එම ළමුන් තිදෙනා ගොඩගෙන ගිලන් රථයකින් නා ගොඩ රෝහලට ඇතුලත් කලද, ළමුන් තිදෙනාම ජීවිතක්ෂයට පත් වී තිබේ.

කළුතර දකුණ පදිංචි වයස අවුරුදු 15 ක දැරියක්, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 හා 18 වයසේ පසුවන දැරියක් හා පිරිමි ළමයෙකු මෙලෙස දිවි අහිමි වූ අයවළුන් වන අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන කළුතර දකුණ කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.

කැලිඩෝ වෙරළ තීරයට ආසන්න කළුගගේ මෙම ජලය රැදෙන ජලාශ ප්‍රදේශයේ රොන් මඩ සහිත බැවින් දිය නෑම අතිශය අනතුරු දායක වේ. එම ස්ථානය දිය නෑම සඳහා භාවිතා නොකරන මෙන් මින් පෙරත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුවත් කර තිබේ.