වාහන ලබා දෙන මුවාවෙන් ලක්ෂ 256 ක් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට.

ඊයේ දින (13) කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් වාහන ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වාහන ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් පිළිබඳව ලැබී ඇති පැමිණිලි 04 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු විවිධ වර්ගවල වාහන ලබා දෙන බව පවසා මුදල් රුපියල් ලක්ෂ 256 ක් වංචා කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ් අනුව ඔහු සන්තකයේ තිබූ මුදල් රුපියල් 71500/-ක් සහ ජංගම දුරකථන 02 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.