කිලෝ ග්‍රෑම් 71කට අධික කේරළ ගංජා තොගයක් කෝපායි පොලිස් භාරයට

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්, යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කෝපායි පොලිස් වසමේ උරුම්බිරායි ප්‍ර‍දේශයේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා 2024.01.10 වන ඊයේ දින ගොස් ඇති අතර එම අවස්ථාවේදී අදාළ නිවසේ සිට පැමිණි ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇත.

එහි දී එම නිලධාරීන් ත්‍රී රෝද රථයේ අසුරුම් කර තිබි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 71 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සොයාගැනීමට සමත් වී ඇති අතර ඒ සමඟ ත්‍රී රෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

සැකකරු වයස අවුරුදු 28 ක් වූ මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.