මීගමුව කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

මීගමුව කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් ඊයේ (27) දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඇවෙන්රා ගාඩ්න් උත්සව ශාලාවේදී පැවැත්වුණු අතර ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණිතලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය.

මෙහිදී පොලිස්පතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සවිය වැඩසටහන හරහා පුනරුත්ථාපනය වන අයවළුන්ගේ පවුල්වල සාමාජිකයින් හට වියළි සලාක ලබාදීම සිදුකල අතර ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් විසින් අමාත්‍යතුමාට සහ පොලිස්පතිතුමා හට ඔවුන් සිදුකරනු ලබන වැඩපිළිවෙල වෙනුවෙන් සුභාශිංසන එක්කර සමරු සිහිවටන ප්‍රදානය කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට ආගමික නායකයින් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.