කැළණිය කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

කැළණිය කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් ඊයේ (27) දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණිතලක මහතා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් කැළණිය, මානෙල්වත්ත ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

බස්නාහිර පළාතේ පැවැත්වූ ප්‍රජා පොලිස් දැනුවත් කිරීමේ වැඩමුළුව මෙය විය.

මෙහිදී පැමිණි සිටි පිරිස අමතා ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ මෙරට සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම ලබන ජූලි මස 30 වන විට සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

පසුව ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා විසින් ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා රෝද පුටු ප්‍රධානය කිරීම සිදුකල අතර එම අවස්ථාවට ආගමික නායකයින් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.