ගම්පහ කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

ගම්පහ කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් ඊයේ (27) දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් නයිවල, නිට්ටඹුව සිල්චෙස්ටර් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේදී පැවැත්වුණි.

මෙහිදී මිනුවන්ගොඩ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් සඳහා සංකේතාත්මකව ටී-ෂර්ට් ලබාදීම සහ මීරිගම,ගම්පහ,මත්වතුහිරිපිටිය ප්‍රදේශවල පිහිටි ළමා නිවාසවල දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීම සිදුවුණ අතර උත්සව අවස්ථාවට සහභාගී වූ ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාට සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන් විසින් සමරු තිළිණ ප්‍රධානය කිරීම ද සිදුවිය.

මෙම අවස්ථාවට ආගමික නායකයින්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.