ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (2024.01.20) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මාලිගාවත්ත, පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සංවිධානාත්මක අපරාධ හා විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරන බව උත්සව සභාව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යතුමන් ප්‍රකාශ කල අතර එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන්ගේ දෙමාපියන්ගේ හිත්තුළ ඇති බිය තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බව වැඩබන පොලිස්පතිතුමන් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ප්‍රජා පොලිස් හා සංචාරක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර හා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.කේ. ප්‍රියන්ත යන මහත්වරුන් ද සහභාගි විය.