සීතාවකපුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

අද (14) දින උදෑසන 9.00 ට සීතාවකපුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අවිස්සාවේල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙහිදී ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් සදහා සංකේතාත්මකව ටී-ෂර්ට් ලබාදීම, ප්‍රදේශයේ 05 වසර ශිෂත්වය සමත් දරුවන් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීම, කොට්ඨාස පොලිස් නිලධාරින් සදහා සුභසාධක උපකරණ ප්‍රධානය මෙන්ම කොට්ඨාසයේ යුක්තිය මෙහෙයුමට සක්‍රීයව දායක වු හොදම පොලිස් ස්ථානාධිපති ලෙස අවිස්සාවේල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න ජයලත් මහතාට ත්‍යාග පිරිනැමීමද සිදුවිය.
පසුව වැඩබලන පොලිස්පතිතුමාගේ සංකල්පයකට අනුව සාර්ථක ලෙස පුනරුත්ථාපනය අවසන් කරන ලද පුනරුත්ථාපන ලාභීන් තිදෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සහ ඔවුන්ට රු.10000/= බැගින් වූ මුදල් ත්‍යාග ලබාදීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ආගමික නායකයින් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.