කොකේන් ග්‍රෑම් 940 ක් සමඟ 29 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.01.09 වන ඊයේ දින වැල්ලවත්ත, ෆෙඩ්රිකා පාර  ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක වාහන අංගනයක් තුලදී කොකේන් ග්‍රෑම් 940 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

“යුක්තිය” මෙහෙයුමට සමගාමීව සිදුකරන වැටලීම් අතරතුර ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු කොළඹ 12, ගුණසිංහ පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.