කේරල ගංජා කිලෝග්‍රෑම් 28 ක් උතුරු වෙරලෙන් පොලිස් භාරයට.

2024.01.08 වන ඊයේ දින පේදුරුතුඩුව පොලිසිය මගින් යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරන වැටලීම් අතරතුර බෝට්ටුවකින් රැගෙනවිත් මත්ද්‍රව්‍ය පාර්සලයක් වල්ලිපුරම් මුහුදු තීරයේ දමා ගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව එම මුහුදු තීරයේ සිදුකල සෝදිසියකදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 28 ග්‍රෑම් 892 ක් හා අබිං කිලෝ ග්‍රෑම් 49 ග්‍රෑම් 140 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.