පොලිස් ක්‍රීඩා කොට්ඨාසය පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී සංවිධානය කල 39 වන පාපන්දු වැඩමුළුව

සාමූහික හැගීමෙන් යුත් විනය ගරුක නීරෝගිමත් තරුණ පරපුරකින් හෙබි සමාජයක් උදෙසා තරුණ,ළමා ප්‍රජාව අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පොලිස් ක්‍රීඩා කොට්ඨාසය වැඩමුළු මාලාවක් දිවයින පුරා පවත්වමින් සිටී.

ඒ අනුව පැවැත්වූ 39 වන වැඩමුළුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ හා වැඩබලන පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන් 2023.01.06 වන ඊයේ දින මාලිගාවත්ත, පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල ජීවත්වන 200 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

එහිදී ආකර්ශනීය අන්දමින් පැවැත්වූ ප්‍රදර්ශන පාපන්දු තරඟය පැමිණ සිටි සියළු දෙනාගේ අවධානය දිනා ගත් අතර සහභාගී වූ දරු පිරිසට පාසල් බෑග් ඇතුළු ක්‍රීඩා උපකරණ බෙදා දීමක් ගරු අමාත්‍යතුමා හා වැඩබලන පොලිස්පතිතුමා විසින් සිදුකෙරුණි. මෙම අවස්ථාවට ජාතික තරුණසේවා සභාපති පසිදු ගුණරත්න, ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ වෛද්‍ය බුද්ධික ලොකුගමගේ, කොළඹ මහනගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ කේ.කේ පත්මසිරි, ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ ක්‍රීඩා නිලධාරී චන්දන පෙරේරා සහ අතිරේක මත්ද්‍රව්‍ය උපදේශක ලලිත් රෝහණ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.