රාජකාරිය අතරතුර දිවි අහිමි වූ සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක නිලයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ සිදුකළ ක්‍රියාන්විතයක් අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි සිදුකරමින් සිටි පොලිස් සැරයන් 57241 එම්.ජී උපුල් චමින්ද කුමාර නිලධාරියා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය.

පොලිස් රාජකාරිය අතරතුරදී දිවි අහිමිවූ එම පොලිස් සැරයන්වරයා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පශ්චාත් උසස්වීම් පදනම යටතේ උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර කෙරුණි.

නිලධාරියාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව 2024.01.03 වන දින සවස 03.00 ට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල පොලිස් වසමේ ආදාවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.