නව වසරට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක්

එළඹෙන 2024 නව වසර නිමිත්තෙන් සියලු ලෝ වැසියන්ට සෙත්පතා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල සර්වරාත්‍රී පිරිත් සජ්ඣායනාවක් 2023.12.29 වන ඊයේ දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වුනි.

ඊට සමගාමීව අද දින (30) උදෑසන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී ගෞරවනීය සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකමක්ද පොලිස් නිලධරයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.