“යුක්තිය” මෙහෙයුමේ දෛනික වැටලීම් වාර්තාව
2023.12.28

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරදි 2023.12.17 වන දින සිට ආරම්භ කෙරුනු “යුක්තිය” විශේෂ මෙහෙයුම, තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා මර්දනය සඳහා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව පවතී.

එ් අනුව 2023.12.28 වන දිනය තුල සිදු කරන ලද මුළු වැටලීම් 1467 කට අදාලව සැකකරුවන් 1431 ක් සහ සැකකාරියන් 36 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 56 ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති අතර, තවද සැකකරුවන් 51 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 322 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 435 ක්, ගංජා ග්‍රෑම් 496 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 741 කදී සැකකරුවන් 723 ක් හා සැකකාරියන් 23 ක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 34 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 154 ක් හා ගංජා ග්‍රෑම් 730 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 161 කදී සැකකරුවන් 160 ක් හා සැකකාරියන් 01 ක් අත්අඩංගුවට ගෙන ඇත.