“යුක්තිය” මෙහෙයුමේ දෛනික වැටලීම් වාර්තාව 2023.12.27

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරදි 2023.12.17 වන දින සිට ආරම්භ කෙරුනු “යුක්තිය” විශේෂ මෙහෙයුම, තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා මර්දනය සඳහා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව පවතී.

එයට සමගාමීව 2023.12.27 වන දිනය තුල සිදු කරන ලද මුළු වැටලීම් 1422 කට අදාලව සැකකරුවන් 1379 ක් සහ සැකකාරියන් 41 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 35 ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති අතර, සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය. තවද සැකකරුවන් 37 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 203 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 372 ක්, ගංජා ග්‍රෑම් 258 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 726 කදී සැකකරුවන් 701 ක් හා සැකකාරියන් 25 ක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 34 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් හා ගංජා ග්‍රෑම් 1266 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 142 කදී සැකකරුවන් 141 ක් හා සැකකාරියන් 01 ක් අත්අඩංගුවට ගෙන ඇත.