සැකය දනවන හැසිරීම් ඇති නාදුනන පුද්ගලයින් නම් ඇමතුමකින් දන්වන්න පොලිසියට

මත්ද්‍රව්‍ය හා විවිධ සමාජ විරෝධී ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා “යුක්තිය” මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක වන මෙම කාල සීමාව තුල, අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් ජාවාරම් කරුවන් රැසක් තමන් පදිංචිව සිටින ප්‍රදේශයෙන් පිට පළාත් තුලට සංක්‍රමණය වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.

එලෙස පලා යන සැකකරුවන් නිවාඩු නිකේතන, ලැඟුම්හල්, කුලියට ගත් නිවාස, මිලට ගත් නිවාස තුල සැඟව සිටිමින් අපරාධ සහ ජාවාරම් තවදුරටත් මෙහෙයවීමට උත්සාහගන්නා බවට තොරතරු අනාවරණය වී ඇත.

ඔබේ නවාතැන්පලට, යාබද නිවසක් වෙත නාදුනන සැක සහිත හැසිරීමක් දනවන පුද්ගලයෙක්, කාන්තාවක්, පුද්ගලයින් පිරිසක් පැමිණ සිටීනම් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය වන 071-8598800 දුරකථන අංකය වෙත හෝ ඔබේ පදිංචිය අයත් පොලිස් කොට්ඨාසයේ “යුක්තිය” මෙහෙයුම සදහා වෙන්කර ඇති දුරකථන අංකයට ඇමතුමකින් දන්වන්න. ඔබගේ ඇමතුමේ රහස්‍ය බාවය ආරක්ෂාවනු ඇත.

ශ්‍රී ලංකා පොලිසියට සහය වන්න. වඩාත් නීතිගරුක සාමකාමී ශ්‍රී ලංකාවක් සඳහා ඔබේ පුරවැසි වගකීම ඉටුකරන්න.