72 වන ජීවිතාරක්ෂක ජාතික ශූරතා කුසලානය පොලිස් ක්‍රීඩකයින්ගේ සුරතට

2023.12.22 සහ 2023.12.23 යන දිනයන්හි මාතර වැලිගම වෙරළ තීරයේදී හා මාතර කොටවිල පිහිණුම් තටාකයේදී පැවති 2023 ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය සඳහා තරඟ වැදුනු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, එම තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

පැවති තරඟ ඉසව් 18 සඳහා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ නිලධාරීන් 26 දෙනෙකු ක්‍රීඩාකල අතර එහිදී ඔවුන් ප්‍රථම ස්ථාන 06 ක්, දෙවන ස්ථාන 03ක් හා තෙවන ස්ථාන 04 ක් දිනාගන්නා ලදී. ඒ අනුව කණ්ඩායම වෙත ලබා දුන් ලකුණු 328 ක ප්‍රමාණයත් සමඟ තරඟාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායම වෙත හිමිවිය.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් 72 වන වරට සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා මෙවර ජීවිතාරක්ෂක කණ්ඩායම් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 250 ක් පමණ සහභාගී වුනි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ශූරතා කුසලානය හා සහතිකපත් ප්‍රධානය සිදු කෙරුණි.