බී මත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පැය 24 පුරා මෙහෙයුම්

මේ උත්සව සමයේ බීමත්ව රිය ධාවනයේ යෙදෙන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් රථ වාහන රාජකාරී පුළුල් කර ඇත.

දිවයිනේ උත්සව පවත්වන කාල සීමාවන් තුලදී රථවාහන අනතුරු වැඩි වශයෙන් වාර්ථා වන බැවින් මහජනතාවගේ වටිනා ජීවිත හා දේපල ආරක්ෂා කිරීම අරමුණු කොට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබා දුන් උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

ඔබගේ රථය නැවැත්වීමට පොලිස් නිලධරයන් ලබා දෙන අණට අවනත වී, සිදුකරන පරීක්ෂාවන්ට සුහදශීලීව සහයෝගය ලබා දෙන මෙන් ශ්‍රී ලංකා පොලිසිය වන අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න‍ෙමු.