සිරි පා කරුණා සමය ආරම්භ වේ. ආගමික වතාවත් සඳහා වැඩබලන පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වය

උදුවප් පුර පසලොස්වක පුන් පොහෝ දිනයත් සමඟ ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය නිමිති කොට 2023.12.24 වන ඊයේ දින රත්නපුර පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ පැවිති විශේෂ ආගමික වතාවන් සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී වුනි.

අනතුරුව රත්නපුර සමන් දේවාලය වෙත පැමිණ ආශිර්වාද ලබා, සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා සමග සිරිපා සමයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක විය යුතු ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්දයෙන් සාකච්ඡා කරමින් සුහඳ පිළිසඳරක නිරතව වූ අතර ඒ සමඟ ප්‍රදේශයේ අබාධිත පුරවැසියන් කිහිප දෙනෙකු සඳහා රෝද පුටු බෙදා දීමක් සහ මරණයට කැප වූ ගවයන් දෙදෙනෙකු නිදහස් කිරීමක් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතා මෙන්ම රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කපිල ප්‍රේමදාස මහතා සහභාගී විය.